s1
s3

Working Hours : 0900 - 1730 hrs (Monday-Friday)
Main functioning of AHCI Sinhala
Home ›  Main functioning of AHCI  ›  Main functioning of AHCI Sinhala

Click here For English | தமிழ்

ඉන්දියානු සහකාර තානාපති කාර්යාලයේ ප්‍රධාන කාර්යන්
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත ,සබරගමු පළාත , ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය, වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය යන ප්‍රදේශ සදහා  ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලය 

 

උදැසන 9.00 සිට සවස 5.30 තෙක් [දහවල් 1.00 සිට දහවල් 1.30 දක්වා දවල් අහාර කාලය ] සදුදා සිට සිකුරාදා දක්වා  ඉන්දියානු සහකාර තානාපති කාර්යාලය විවෘතව පවතී.ආයතනයේ ප්‍රධාන කාර්යන් වනුයේ :-

* කොන්සියුලර් සහ වීසා ගැටළු
-කොන්සියුලර්  සහතික කිරීම්
-ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර වලට අදාල ගැටළු 
-විදේශීය පුද්ගලයන් සදහා ඉන්දියානු පුරවැසිභාවය ලබාදීම (OCI)
-ඉන්දියානු විසා අයදුම්පත් කාර්යාලය(IVAC) හරහා විසා නිකුත් කිරීම, IVS Global, නො.675, විලියම්     ගොපල්ලව මාවත, මහනුවර. දුරකථන: 0812217404.

*අධ්‍යාපණික අංශයේ ගැටළු
- උපාධිධාරීන්, පශ්චාත් උපාධිධාරීන් ,පි.එච්.ඩි. , එම්.පි., ලලිත කලා හා හින්දි  යන අධ්‍යාපන අංශ සහ මට්ටම් සදහා  ශිෂ්‍යත්ව ලබාදීම.
-ලාංකීය වතු කම්කරුවන්ගේ අධ්‍යාපනික අරමුදල(CEWET)  ශිෂ්‍යත්ව.
- තාක්ෂණික සහයෝගිතා යෝජනා ක්‍රමය(TCS) සහ ඉන්දියානු තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතා වැඩසටහන(ITEC)  සහභාගී වීමට අවස්ථාව ලබාදීම. 
-ඉන්දියාව හදුනා ගනිමු වැඩසටහ සදහා අයදුම්පත් යොමුකිරිම(KIP)
-ඉන්දියාව ඉගෙනගනිමු වැඩසටහන(SIP)
-අධ්‍යාපනික ප්‍රදර්ශන සංවිධානය කිරීම.

 

*වාණිජමය ගැටළු
-ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වාණිජමය විමසීම් සදහා ප්‍රතිචාර දැක්වීම
-සම්මන්ත්‍රණ සංවිධානය කිරීම
-ඉන්දියානු වාණිජ මණ්ඩලයේ සහ ශ්‍රී ලංකානු වාණිජ මණ්ඩලයේ  ව්‍යාපාරික රැස්වීම්    සංවිධානය කිරීම සදහා උදව් කිරීම
-ඉන්දියානු කලා හා සංස්කෘතිය ප්‍රවර්ධනය සහ ප්‍රචාරණය
-කලා වැඩසටහන් සංවිධානය කිරීම
-ඉන්දියානු කලාකරුවන්ගේ වැඩසටහන් මෙරට සංවිධානය කිරීම
- ඉන්දියානු කලාකරුවන්ගේ උදව් හරහා වැඩමුළු සහ සම්මන්ත්‍රණ සංවිධානය කිරීම
-ඉන්දියානු සහකාර තානාපති කාර්යාලය ආශ්‍රිත ලලිතකලා ආයතන සදහා මුල්‍ය අරමුදල් ලබාදීම.

*විවිධ අංශ සදහා පන්ති පැවැත්වීම
-හින්දි භාෂාව
-භාරතනට්‍යම් නර්තනය
-කතක් නර්තනය
-කර්ණාටක ස්වර
-හින්දුස්ථානි ස්වර
-තබ්ලා
-මිරුදන්ගම්
-වීනා
පන්ති පැවැත්වෙන වෙලාව: නිවාඩු හැර සතියේ සියලුම දිනයන්හි උදැසන 9.00 සිට පස්වරු 5.00 දක්වා [පස්වරු 1.00 සිට 1.30 දක්වා කෑම සදහා විවේකය]

 

 

*ඉන්දියානු සහකාර තානාපති කාර්යාලය හා මධ්‍යම පළාත හා අනිකුත් පළාත් අතර සහයෝගිත්වය වර්ධනය කර ගැනීම. 
-පාසල් සදහා සංගීත භාණ්ඩ පරිත්‍යාග කිරීම
-අ.පො.ස උ/පෙ අභ්‍යාස පොත් , ශබ්ධකෝෂ, කතපොත්, සාමාන්‍ය දැනීම් පොත් පරිත්‍යාග  කිරීම
-වතු ආශ්‍රිත පාසල් හි අධ්‍යාපන මට්ටම ඉහලට ගෙන එම සදහා සහය දැක්වීම

 
 
© Assistant High Commission of India, Kandy(Sri Lanka) 2020. All Rights Reserved
Terms & Condition| Privacy Policy| Copy right policy| Accessibility Option| Help| Hyperlinking Policy|
Page last updated on: April 20, 2018 Visitors: 1579389
Powered by: Ardhas Technology India Private Limited